ගව ඝාතනයට එරෙහිව භික්ෂුන්වහන්සේ නමක් සිරුරට ගිනි තියා ගනී
මහනුවර දළදා මාලිගාවේ වාහල්කඩ ඉදිරිපිට බෝධිය අසලදී අද (24) ගව ඝාතනය නවතන ලෙස විරෝධය පල කරමින් භික්ෂුන් වහන්සේ නමක් තම සිරුරට පෙට්ට්‍රල් දමා ගෙන ගිනි තබා ගෙන ඇත. කහවත්ත ප‍්‍රදේශයේ විහාරස්ථානයක සිට පැමිණි බී.ඉන්දරතන නමැති එම හිමිනම මහනුවර මහරෝහලට ඇතුළත් කර තිබේ.
මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. ජී. ඒ. දිසානායක මහතා පැවසුවේ, උන්වහන්සේගේ සිරුරෙන් සියයට 90ක් පමණ පිළිස්සී තිබෙන බවයි. වැඩිදුර ප‍්‍රතිකාර සඳහා උන්වහන්සේ ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට රැගෙන ඒමට නියමිත බව මහනුවර රෝහල් ආරංචි මාර්ග පවසන අතර තමා ගව ඝාතනයට විරෝධය පළ කරන බව ගිනි තබා ගැනීමට සුළු වේලාවකට පෙර හිමිනම ප‍්‍රකාශ කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත. තවත් කියවන්න »







ලොව පළමු ඇසිදිසි ඔන්ලයින් තොරණ හිරුගෙන්
බුදු රුව මුද්‍රිත කමිසයක් ඇද පැමිණි විදේශිකයාගේ කමිසය ගලවයි


